Wednesday, September 18, 2013



මේ පුංචි රටේ
නොතැනක දී ‍හෝ
මතු කවදා හෝ
යළි අප හමු‍වේවී

ආදර සිහිනය දෑසක උතුරන
කඳුළු ගඟක් වන දිනයේ
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී

ජීවිත ගමනෙහි කොතැනක දී හෝ
අප යළි හමුවන දිනයේ
මේ දුක් කඳුළැලි වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ

No comments:

Post a Comment